බස් රියැදුරු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලූ 2නෙක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

කොළඹ-යාපනය පුද්ගලික බස් රථ රියැදුරකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලූ පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

කටාන ප්‍රදේශයේ දී මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ පසුගිය 5 වැනිදාය.

සැකකරුවන් වන මොහොමඩ් ජලාල්ඩීන් හා අබ්දුල් රහුමාන් යන 31 හා 32 හැවිරිදි කොළොන්නාව සහ කොළඹ 12 මිරානියා වීදියේ පදිංචිකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.