ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවක අතිරික්තයක් – ණය ප්‍රමාණය කෝටි 20,000 ක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ , දැනට සේවකයින් අතිරික්තයක් සිටින බවත් ඒ අනුව එක් සේවකයකු වෙනුවෙන් මාසිකව රුපියල් 450,000ක් පමණ සමාගම පාඩු ලබන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කර සිටී.

දැනට ගුවන් සේවයේ සිටින සේවකයින් ගණන 8,000කට අධික වන අතර ,මේ වනවිට ගුවන් සමාගමේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි 20,000ක් වන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා ගුවන් සේවයට ඇත්තේ කල් බදු ක්‍රමයට ගත් ගුවන් යානා 21 ක් පමණක් බවත් ගුවන් සේවයක් පවත්වාගෙන යාම සඳහා එක් ගුවන් යානයකට සිටිය යුත්තේ සේවකයින් 100 – 120 අතර ප්‍රමාණයක් බවත් අබේසිංහ මහතා මාධ්‍ය වෙත අනාවරණය කළේය .

රුපියල් කෝටි 20,000ක් යනු රටේ රාජ්‍ය ආදායමින් 10%ක් බව පැවසූ ඒ මහතා එවන් ණය කන්දරාවක් භාරගැනීමට ආයෝජකයකු කැමති නොවන බව ද සඳහන් කළේය.