ආණ්ඩුව හා ජනාධිපතිවරයා විවේචනය කල Facebook ගිණුම් සිය ගණනක් පසුගිය මාසය තුල අක්‍රියවී ඇති බවත්, ආණ්ඩුව මේ වනවිට විරුද්ධවාදී මත දරන ෆේස්බුක් හිනුම් අතුගා දැමීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බවත් නීතීඥ සංවිධාන ජාතික එකමුතුව අවධාරණය කර සිටී.
Facebook සමාජ ජාල වෙබ් අඩවිය මේ වන විට ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රාණ ඇපකාරයෙක් බවට පත් වී තිබෙන බව නීතීඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතීඥ ආර් මනෝජ් ගමගේ මහතා thecolomboexpress.com වෙබ් අඩ වියට පැවසීය .
පැහැදිලිවම ආණ්ඩුව විසින් මීලග ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය සදහා පූර්ව සූදානමක් ලෙස Facebook සමාජ මාධ්‍ය ජාලයේ විරුද්ධ මතයන් මර්ධනය කිරීම මගින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා බරපතල අවධානම් සහගත තත්වයක් මෙමගින් උදාකර ඇතිබවද ගමගේ මහතා අප වෙත පැවසීය
මේ තත්ත්වය මත Facebook සමාජ මාධ්‍ය රටේ අභ්‍යන්තරික දේශපාලන සමතුලිත භාවය බිද දැමීම සදහා රාජ්‍ය අතකොළුවක් බවට පත්වීම මගින් එම ආයතනයද පසුගිය ජනාධිපතිවරණයේදී ඇමරිකා එක්සත් ජනපදයේ සිදු වූවාක් මෙන් ආණ්ඩු හිතවාදී අපේක්ෂකයෙකුගේ දේශපාලන අවියක් බවට පත්වීමේ අවධානම තවමත් මෙරටේ විපක්ෂයද අවබෝධ කර නොගැනීම කණගාටුවට කරුණක් බවද ඔහු පැවසීය .