ජනපති 19ට තඩිබැමේ යට අරමුණ ජී.එල්. හෙලි කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශේධනයට එරෙහිව ජනාධිපතිවරයා හඩනැගීමට පිටුපස සැගව ඇත්තේ සිය ධුරකාලය වැඩි කිරීමේ ප්‍රයත්නයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කරයි

අද එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කර සිටියේ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට මුල්වූ පුදගලයාම ඊට එරෙහිවීම මගින් සිය බලලොභීත්වය මනා ලෙස පෙන්නමුකරන බවයි
“තමන්ගේ උච්චතම නිර්මානය ලෙස 19 වන ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව පෙන්නූ පුද්ගලයා අදවන විට එය රටට සාපයක් කියලා කියනවා. ජනාධිපතිවරයා අද සම්පූර්ණයෙන්ම කනපිට හැරී තියෙන්නේ බලයට තියෙන කෑදර කම නිසයි.” යැයිද මහචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය