ආණ්ඩු-විපක්ෂ මුස්ලිම් මන්ත්‍රිවරු බෙදෙති

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ සාකච්ඡාවක් අනිද්දා (10) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන බවට මාධ්‍යයේ පළවුවද ඒ සදහා තමන්ට ආරාධනාවක් ලැබී නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි ෆයිසර් මුස්තාපා මහතා The Colombo Express කළ විමසීමේදී පැවැසීය.

තතු දත් ආරංචි මාර්ග අනුව මෙම රැස්වීම පැවැත්වීමට තීරණය වී ඇත්තේ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්වු මුස්ලිම් අමාත්‍යවරුන් සහ ආණ්ඩුවේ මුස්ලිම් මන්ත්‍රිවරුන් අතර පමණි.

“ මම විපක්ෂයේ නේ. ඒ නිසා මට ආරාධනා කරන්නෙ නැතිව ඇති. කොහොමත් මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ සාකච්ඡාවක් ගැන මම තවමත් දන්නෙ” යැයි මන්ත්‍රි ෆයිසර් මුස්තාපා මහතා සදහන් කළේය.

සියලුම මුස්ලිම් මන්ත්‍රිවරුන් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන බවට දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එච්.එම්.එම් හාරිස් මහතා ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් අදාල රැස්වීම මෙයට පෙර පැවැත්වීමට සැලසුම්කර තිබුණේ හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතාගේ නිවසේදීය.

හාරිස් මහතාගේ ප්‍රකාශය අනුව අදාල රැස්වීම ඒ.එච්.එම් ෆවුසි මහතාගේ නිවසේ පැවැත්වීමද නැවතී තිබේ. මේ පිළිබදව විමසීමට එච්.එම්.එම් හාරිස් මහතා සම්බන්ධ කර ගැනීමටthecolomboexpressදුරකථන ඔස්සේ ගත් උත්සාහය ව්‍යවර්ථ විය.

අනිද්දා පැවැත්වෙන රැස්වීමේදී ආණ්ඩුවේ ඉල්ලීම පරිදි නැවත අමත්‍යධූර ලබා ගන්නවාද නැද්ද යන්න ඇතුළු තීරණාත්මක දේශපාලන තීරණ කිහිපයකට එළැඹීමට යන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.