පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
ඒ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතීන් කඩ කර ඇතැයි චෝදනා කරමිනි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙම විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබයි.
සිසිර ද ආබෲල බුවනෙක අලුවිහාරේ ල ප්‍රියන්ත ජයවර්ධනල ප්‍රසන්න ජයවර්ධනල එල්ගටීගබීග දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු එහි සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරතිග
පාස්කු ප්‍රහාරය අදාළව ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන 12වනදා මෙම විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලේ.