පළාත් පාසල් ක්‍රීඩා උළෙලට සවිය සමපෝෂ වෙතින්

Picture of අසංක

අසංක

CBL සමාගමේ පුර්ණ අනුබද්ධිත ප්ලේන්ටී ෆුඞ්ස් සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය සමපෝෂ, සවිබල ගැන්වීමෙන් ඌව, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත් හතරෙහි පවත්වනු ලබන ‘‘2019 පාසල් මලල ක්‍රීඩා උළෙල‘‘ මේ වනවිට ආරම්භවී ඇත.

සමපෝෂ පූර්ණ අනුග‍්‍රාහකත්වය සහිතව පළාත් අධ්‍යාපන කාර්යාල හා එක්ව සංවිධානය කරනු ලබන මෙම ක‍්‍රීඩා උළෙල හතර පළාත් හතරෙහි වෙන් වෙන් වශයෙන් ජූලි මාසය පුරාවටම පැවැත්වෙයි.

මෙහිදී තරග ඉසව් 70කට අධික සංඛ්‍යාවක් ස`දහා සමස්ත පළාත් හතරහිම පාසල් 500කට අධික ප‍්‍රමාණයක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 8000කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතව ඇත. ජයග‍්‍රාහී පාසල් සහ ක‍්‍රීඩක ක‍්‍රීිඩිකාවන් වෙනුවෙන් කුසලාන, සහතික පත‍්‍ර හා පදක්කම් පිරිනමනු ලබයි.

ඌව පළාත් ක‍්‍රීඩා උළෙල මෙහි පළමු ක‍්‍රීඩා උළෙල ලෙස ජුලි මස 8 වනදා සිට 11 වනදා දක්වා බදුල්ල වින්සන් ඩයස් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර ඌව පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක චන්න කරුණාසේන මහතා ඒ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. ‘‘1984 ඉදන් ජාතික පාසල් ක‍්‍රීඩා උළෙල පැවැත්වුණා. නමුත් බිම්මට්ටමේ සිට ජාතික තලයට එන්න උත්සහ කරන දරුවන් ඉහළට ඔසවා තබන්න අවධානයක් නොමැති තත්වයක, අපට පූර්ණ අනුග‍්‍රහය දක්වලා මේ ක‍්‍රීඩා උළෙල පැහැදිලි සාර්ථකත්වයක් කරා ගෙනයන්න සමපෝෂ තමයි මුල් වතාවට ඉදිරිපත් වුණේ.’’

උතුරු මැද පළාත් ක‍්‍රීඩා උළෙල ජුලි 11 වනදා සිට ජුලි 14 වනදා දක්වා අනුරාධපුර මහජන ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙයි. ඒ පිළිබඳ අදහස් දැක් වූ උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක වයි. එම්. එච්. කේ අබේකෝන් මහතා මෙසේ පැවසීය.‘‘අවුරුදු හතරක් පුරා සමපෝෂ උතුරුමැද පළාතේ දරුවන්ගේ ක‍්‍රීඩා ශීලීත්වය ඔප් නංවන්න, ඔවුන්ට දක්ෂතාවය ප‍්‍රදර්ශනය කරන්න, වගේම ජාතික තලයට පා තබන්නට අවශ්‍ය වපසරිය සකස්කර දෙනවා. මේ උතුරු මැද පවත්වන පස්වන ක‍්‍රීඩා උළෙල. අග හි`ගකම් ඉවසගෙන ක‍්‍රීඩාවට කැපවුණු මේ දරුවන් රැුකගනිමින් ඔවුන්ට ඉදිරියට එන්නට සමපෝෂ ලබා දෙන සහයෝගය මනින්නට හැකියාවක් නැති තරම්.’’

තෙවන ක‍්‍රීඩා උළෙල වන වයඹ පළාත් ක‍්‍රීඩා උළෙල ජුලි 17 වනදා සිට ජුලි 20 වනදා දක්වා වෙන්නප්පුව ඇල්බර්ට්. එෆ්. පීරිස් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ. වයඹ පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක එච්. කේ. එම් රාජතිලක මහතා ඒ පිළිබ`දව මෙසේ අදහස් දැක්වීය. ‘‘ වයඹ පළාතේ තෙවන වතාවට මේ ක‍්‍රීඩා උළෙල පවත්වන්නේ. පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට නව තාක්ෂණය මගින් ඔවුන්ගේ හැකියාවන් පිලිබඳ වැඩි දුර දැනුවත් වෙන්න, ක‍්‍රීඩකයෙක් ලෙස අභිමානයක් ගොඩනගා ගන්න ඒ වගේම ඒම අභිමානය හරහා මේ රටට කීර්තිය ගෙනෙන ජාත්‍යන්තර මට්ටම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිකරන්න සමපෝෂ ලබාදෙන මේ ජාතික අත්වැල ප‍්‍රශංසනීයයි.’’

උළෙල හතරකික් සමන්විත ක‍්‍රීඩා උළෙල මාලාවේ සිව්වන සහ අවසන් ක‍්‍රීඩා උළෙල වන නැගෙනහිර පළාත් උළෙල ජුලි 24 වනදා සිට 28 වනදා දක්වා කන්තලේ ලීලාරත්න ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙයි. නැගෙනහිර පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ඊ. ජී. පී. අයි. ධර්මතිලක මහතා ඒ පිළිබද මෙසේ සඳහන් කළේය."අවුරුදු 30ක යුද්දයක් අවසානයේ පාසල් ක‍්‍රීඩාව නගා සිටුවන්න නැගෙනහිර පළාතට එන පළමු අනුග‍්‍රාහකයා සමපෝෂ. මේ ක‍්‍රීඩා උළෙල නැගෙනහිර පළාතට විශාල සම්පතක්. එය පවත්වන්නේ දෙවැනි වතාවට. දේශීය නිෂ්පාදනයක් රටේ දරුවන් වෙනුවෙන් මේ කරන සේවාව පිළිබඳව කියාගන්න බැරි සතුටක් තිබෙනවා. ස්තුතිවන්තවනවා ඔවුන්ට.’’