පැයේ විදුලි කප්පාදුව සිදුනොවන ලකුණු

Picture of අසංක

අසංක

ලංකා විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව විදුලිය සැපයීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී තිබේ.

ඒ එම ආයතනවල බලධාරීන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ අනුව පැයක පමණ කාලයක් වරින් වර දිවයින පුරා බලපැවැත්වීමට නියමිතව තිබූ විදුලි කප්පාදුව සිදු නොවීමට ඉඩ ඇති බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කර ඇත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇති ණය මුදල් පියනොවූ බැවින් ලංකා විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත් හිටුවීමට එම සංස්ථාව තීරණය කර තිබුණි.

ඊයේ දිනයේ ද දිවයින පුරා අවස්ථා කිහිපයක දී පැයක පමණ කාලයක් විදුලිය ඇණහිට තිබූ අතර අද සිට විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව පසුව දැනුම් දුනි.