පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ත්‍රස්ත පුහුණුවීම් කළ සැකකරුවන් 3 දෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදී තිබේ.
ඒ වැඩිදුර විමර්ශන සඳහා යි.
රස්නායකපුර පදිංචිව සිටි 41 හැවිරිදි මොහොම්මදු නසීර් නමැත්තා සහරාන් සමග නුවරඑළියේ කඳවුරේ පුහුණුවීම් කළ අයෙකි.
වැලිමඩ පදිංචිව සිටි 21 හැවිරිදි හමීඩ් හිස්බුල්ලා නමැත්තා සහරාන් සමඟ හම්බන්තොට දී ත්‍රස්ත පුහුණුවීම් හා අවි පුහුණුව ද ලැබූවෙක් බවට පවසා ඇත.
පේරාදෙණිය පදිංචි 29 හැවිරිදි ආශික් රසාද් නමැත්තා අද අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකි. ඔහු සහරාන් සමඟ මහනුවර අරුක්වල පුහුණු කඳවුරේ දී ත්‍රස්ත පුහුණුවීම්වල නියැලුණු අයකු බවට ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී තිබේ.