ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොරැල්ල ආසනයේ සංවිධායක ධූරය චන්දන කත්‍රිආරච්චි මහතා වෙත ලබාදීමේ සූදානමක් ඇති බව වාර්තාවේ,
මේ වනවිට බොරැල්ල ශ්‍රීලනිප සංවිධායක ධූරය සඳහා පුරප්පාඩුවක් ඇතිවී ඇති අතර එම ධූරයේ මීට පෙර කටයුතු කල තිලංග සුමතිපාල මහතා මොරටුව ආසන සංවිධායකවරයා ලෙස මෑතකදී පත්වීම් ලැබීය .
ඒ ,මොරටුව ආසන සංවිධායක ධූරය රු ජීවන් කුමාරණතුංග මහතා , කැස්බෑව ආසන සංවිධායක ධූරයට පත්වීමත් සමගය .
කෙසේ වෙතත් චන්දන කත්‍රිආරච්චි මහතා අවස්ථා කිහිපයකදීම , දීර්ඝ කාලයක් කැස්බෑව ආසන සංවිධායකවරයා කටයුතු කල අතර , තම පුතු දේශපාලනයට පැමිණීමත් සමග ඔහුට එම ධූරයෙන් ඉවත්වීමට සිදුවිය .