අරාබි රටවල ආගමානුකූලව ජීවත්වන්නන් අඩුවෙලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අරාබි රටවල් තුළ ආගමානුකූල දිවි පෙවතක් ගත කරන පුද්ගලයන්ගේ විශාල අඩු වීමක් මේ වනවිට දක්නට ලැබෙන බව, මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයන් තුළ අරාබි බැරෝමීටර (Arab Barometer) සමීක්ෂණ ජාලය සිදුකරනලද පුළුල් සමීක්ෂණයකින් අනාවරණය වී ඇත..

ඒ අනුව 2013 වර්ෂයේ සිට මේ දක්වා අරාබි කලාපය පුරා පැතිරී සිටින “ආගමානුකූලව නොහැසිරෙන” පුද්ගලයන්ගේ ගණන 8% සිට 13% දක්වා වැඩි වී තිබේ. එසේම මෙම සමීක්ෂණයට අනුව වයස අවුරුදු තිහට අඩු පුද්ගලයන් ආගමික දිවි පෙවතින් ඉවත් වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ. ඔවුන් අතරින් 18%ක් ආගමානුකූලව නොහැසිරෙන බවට හඳුනාගෙන ඇත.

කාන්තා අයිතීන්, සංක්‍රමණය, ආරක්ෂාව සහ ලිංගිකත්වය වැනි කාරණා ගැන ආරාබියේ දිවි ගෙවන පුද්ගලයන්ගේ අදහස් මත පදනම්ව මෙම සමීක්ෂණය සිදු කර තිබේ.

2018 වසරේ අවසානයේ සිට 2019 වසරේ මැද දක්වා පලස්තීන භූමි ප්‍රදේශ සහ අරාබි කලාපයේ රටවල් දහයක සිදු කළ සමීක්ෂණයට පුද්ගලයන් 25,000කට වැඩි සංඛ්‍යාවක් සහභාගී කරගෙන තිබේ.

මෙහිදී ටියුනීසියාව , ලිබියාව වැනි රටවල මෙලෙස ආගමට පටහැනි ලෙස ජීවත්වන්නන්ගේ ප්‍රතිශතය සියයට 30 ඉක්මවන බවද වාර්තාවී ඇත.