“සෝෆා ගිවිසුමේ ඇතැම් යෝජනා පිළිගන්න බෑ” – අගමැති

Picture of අසංක

අසංක

සෝෆා නමින් වන ගිවිසුමේ සමහර යෝජනා පිළිගත නොහැකි බවත් එනමින් ගිවිසුමක් තවම අත්සන් කර නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසනායක මහතා විසින් සෝෆා ගිවිසුම සහ ඇක්සා ගිවිසුම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව කියාසිටියේ ය.

“අත්සන් කිරීමට නියමිත ගිවිසුමක් නෑ. ඒ ගැන සාකච්ඡා කරනවා. එකඟ වෙන්න පුළුවන් නම් විතරයි අත්සන්  කරන්නේ තවම තිබෙන්නේ 1995 ගිවිසුම පමණයි. සෝෆා ගිවිසුම ආරක්ෂක ගිවිසුමක් නෙවෙයි” යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.