04/21 පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 161 දෙනෙකු මේ වන විට රැදවුම් භාරයේ සිටින බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රකාශ කළා . තවත් 167 දෙනෙකු රිමන්ඞ් භාරයේ සිටින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එමෙන්ම සිද්ධියට ඍජුව හෝ වක‍්‍රව සම්බන්ධ 99 දෙනෙකු සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියේ.