පාස්කු ප්‍රහාරයට අදාළ සියලු පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම් 12ක් අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරුවන් සත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද පෙරවරු 10ට විභාගයට ගැනීමට නියමිතය.

අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ අද විභාග වේ