ආනයනික කිරිගවයන් මියයාම ගැන බලන්න ඕස්ට්‍රේලියානු කණඩායමක් මෙරටට

Picture of අසංක

අසංක

ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කළ කිරි ගවයන් මියයාම පිළිබඳ විමර්ශනයක් කිරීමට එරට විශේෂ නියෝජිත කණඩායමක් මෙරටට පැමිණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් 5000ක් ආනයනය කර ඇති අතර එම ගවයින් දිවයිනේ පිහිටි සත්ව ගොවිපළ 67ක් විසින් මිලට ගෙන ඇත.
එම ගොවිපළවල් විසින් ගත් කිරි ගවයින් මියයාම, වැළඳී ඇති රෝගාබාධ පිළිබඳ විමර්ශන කිරීම මෙම කණ්ඩායම විසින් සිදු කරයි.

ඕස්ට්‍රේලියාවෙන් පැමිනි අදාළ නියෝජිත පිරිස ආනයනික කිරි ගවයින් දැනට රඳවා සිටින ගොවිපළවලට ගොස් සිය පරීක්ෂණ වාර්තාව සකස් කිරීමට නියමිතය.