ගාලු මුහුදේදී මත්කුඩු කිලෝ 60ක සමඟ 9ක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

ගාලු වරායට ආසන්න මුහුදේදී විදෙස් යාත්‍රාවක තිබී හෙරොයින් බවට සැකකෙරෙන මත්කුඩු කිලෝ 60ක සමග සැකකරුවන් 9 දෙනෙකු අද නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්කුඩු තොගය තිබූ ධීවර යාත්‍රාවේ කිසිදු රටක ධජයක් නොතිබූ බව නාවික හමුදාව කියයි.

අදාළ ධීවර යාත්‍රාව වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල වරායට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිබේ.