විදෙස් මැදිහත්වීමක් ගැන චීනයෙන් ලංකාවට අනතුරු ඇඟවීමක්

Picture of අසංක

අසංක

විදෙස් රටවල අනවශ්‍ය මැදිහත්වීම් සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින ලෙස චීනය ශ්‍රී ලංකාවට අනතුරු අඟවා සිටී.

එවැනි ඇඟිලි ගැසීම්වලින් කිසි විටෙකත් ප්‍රතිලාභ ලැබිය නොහැකි බවත්, කරදර, ව්‍යාකූලතා සහ ව්‍යසන පමණක් ඇති වන බවත් චීනය ශ්‍රී ලංකාව වෙත අවධාරණය කර ඇත.

ස්වාධීන හා සාමකාමී රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති පිළිපදින චීනය කිසි විටෙකත් අන් අයගේ අභ්‍යන්තර කටයුතුවලට බාධා නොකරන බවත් එවැනි හැසිරීම්වලට දැඩි ලෙස විරුද්ධ බවත් ශ්‍රී ලංකාවේ චීනයේ තානාපති චෙං සූයුආන් මහතා සඳහන් කර ඇත.

බලවතුන් විසින් හිරිහැරයට හා යටත් විජිතකරණයට ලක් වූ බවට පොදු ඉතිහාසයක් ඇති චීනය සහ ශ්‍රී ලංකාව වැනි රටවල් සෑම විටම බාහිර මැදිහත්වීම් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී විය යුතුය. එවැනි ඇඟිලි ගැසීම් කිසි විටෙකත් ප්‍රතිලාභ ගෙන දිය නොහැකි නමුත් කරදර, අවුල් සහ ව්‍යසන පමණි. අප සැමවිටම අවධාරනය කළ යුත්තේ ස්වාධීනත්වය, බාහිර මැදිහත්වීම්වලට එරෙහිව සටන් කිරීම සහ ඔවුන්ගේම තීරණ ගැනීම බව චීන තානාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.