ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ
ත්‍රිකුණාමලය කින්නියා උණුදිය ලිං පුරාවිද්‍යා ස්ථානයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරිමට විරෝධය පා අද (16) කන්නියා මංසංධියෙහි පිරිසක් කලහකාරි ලෙස හැසිරිම නිසා තත්වය පාලනය කිරිමටත් ඒ අවට ආරක්ෂාවට පොලිසිය විශේෂ කාර්්‍ය බලකාය හා යුධ හමුදාව යොදවනු ලැබිය.
උණු දිය ලිං පුරාවිද්‍යා පරිශ්‍රයේ පිහිටි අනුරාධපුර යුගයට අයත් දා ගැඛෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කිරිමට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් වරයා විසින් උපදෙස් ලබා දීමෙන් පසුව එම දෙපාර්තමේන්තුව එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කරමින් සිටියදි ඊට විරෝධයා පා දෙමල ජාතික ජනතා පෙරමුණෙහි නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් දෙමල ජාතික සංධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රී ධරන් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යෝගේෂ්වරන් හා ත්‍රිකුණාමලයේ දෙමල දේශපාලන පක්ෂ රැසක පලාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුලූ පිරිසක් ඊට විරෝධය පෑමට මෙම ස්ථානයට රැස්ව සිටියහ.
මෙම පිරිස මෙම ස්ථානයට පැමිණ විරෝධය දක්වන බව දැනසිටි උප්පුවේලි පොලිසිය එය වාරණයට ලක් කරමින් අධිකරණ නියෝ්ගයක් ලබා ගෙන තිබුණි එමෙන්ම ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් හිමිවරු ප්‍රදේශවාසීන් හා විවිධ පක්ෂ වලට අයත් පලාත් පාලන මන්ත්‍රීවරුන් රැසක් උණු දිය ලිං පුරාවිද්‍යා ස්ථානය ආසන්නයට පැමිණ රැදි සිටිම නිසා දෙපාර්ශවය අතර ඇතිවන්නට ගිය නොසන්සුන්කාරි තත්වය පාලනය කිරිමට පොලිසි මාර්ග බාධක යොදා දෙපාර්ශවයෙහි මග අහුරා තිබුණි.
මේ හේතුවෙන් කන්නියාව උණු දිය ලිං පරිශ්‍රය නැරඹිමට පැමිණ සිටි සංචාරකයන් රැගත් වාහන රැසකට ඉන් පිටතට යාමට නොහැකිව පැය ගාණක් සිරවි සිටියහ. ඇතිවු හදිසි තත්වය පාලනය කිරිමට සුදානමින් අවට පොලිසි කිහිපයකින් පොලිසිය හා විශේෂ කාර්්‍ය බලකා භට පිරිස් මෙන්ම 221 බල සේනා මුලස්ථානයට අයත් හමුදා කැඳවා ඒ අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුනි. සංරක්ෂණය කිරිමට යෝජිත දා ගැඛෙහි සංරක්ෂණ කටයුතු නොකරන ලෙසත් එම ස්ථානයෙහි පැරණි කෝවිලක් තිබු බවත් විරෝධතා කරුවන් පැවැසුහ විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය විසින් ලබාගෙන තිබු අධිකරණ නියෝගය පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවද විරෝධතාකරුවන් ඉන් පිටව නොගිය අතර අධිකරණ නියෝගය නොතකා උණු දිය ලිං පරිශ්‍රයට කඩා වැදීමට කලහකාරින් උත්සහ ගැනීම නිසා පොලිසිය හා කලහකාරින් අතර උණුසුම් තත්වයක් ඇතිවිය
2011 සැප්තැම්බර් නම වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් උණදිය ලිං හා ඒ අවට භූමිය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම් කර ඇති අතර එහි සංරක්ෂණ කටයුතු කරන ලෙසට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ත්‍රිකුණාමලය දිසාපතිවරයා හා එම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ටද ලිඛිතව දන්වා තිබේ පැය කිහිපයක් පුරා කලහකාරි අයුරින් කන්නියා මංසංධියේ රැදි සිටි පිරිස් පසුව විසිර ගියහ.
????????????????????????????????????