පොලිස් කොමිසමේ ලේකම්ගේ ඇප අයදුම ප්‍රතික්ෂේප වෙයි

Picture of අසංක

අසංක

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා සිද්ධිය පාදක කරගනිමින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ගොනු කර තිබූ ඇප අයදුම කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද ප්‍රතික්ෂේප කළේය.

ගිනිඅවි ආපදා පනත යටතේ සිදුකරන වැරදි සම්බන්ධයෙන් ඇපදීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා ඇපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්‍ෂේප කළේය.