ශ්‍රී ලංකාව තුල මරණීය දණ්ඩනයට යුරෝපා සංගමය විරුද්ධයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාව තුල මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තවදුරටත් අත්හිටවිය යුතු බව යුරෝපා සංගමය නැවතත් අවධාරණය කර සිටී.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග අද (18) පෙරවරුවේ පැවති සාකච්ජාවකදී යුරෝපා සංගමයට අයත් රටවල තනාපතිවරුන් මේ බව ප්‍රකාශ කර ඇත.

යුරෝපා සංගමය දැඩි ලෙසත් , පැහැදිලි ලෙසත් මරණ දණ්ඩනයට විරුද්ධ බව තානාපතිවරුන් මෙහිදී ප්‍රකාශ කර ඇත.

ජර්මනිය , ඉතාලිය , ප්‍රංශය , රුමේනියාව නෙදර්ලන්තය ,එක්සත් රාජධානිය යන රටවල තානාපතිවරුන් හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙම සාකච්ජාවට එක්ව සිට ඇත.