ගෙවී ගිය වසර තුළ ළමුන්ට එරෙහිව සිදුවී ඇති බල අපරාධ විමර්ශන විසදීම්වල 52%දක්වා පහත වැටීමක් පෙන්නුම් කරන බව පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.
2017 වසරේදී ළමුන්ට එරෙහි අපරාධ විමර්ශන 69%ක් හා 2016 වසරේදී 58%ක් ප්‍රතිශත වශයෙන් විසදා තිබූණි.
සිද්ධීන් වශයෙන් ගත් කළ ළමුන්ට එරෙහිව සිදුවූ අපරාධ පසුගිය වසරේදී 3344ක් වාර්තා වී ඇත.
ඒම සිද්ධීන් 2017 වසරේදී 2911ක් වූ අතර 2016 දී සිද්ධීන් 3371ක් වාර්තා වූ බව පොලිස් සංඛ්‍යාලේඛනවල දැක්වේ.
මෙරට සිදුවූ සියලුම වර්ගවල අපරාධවලින් ප්‍රතිශතයක් ලෙස ගත් කළ ළමුන්ට එරෙහිව සිදුවන අපරාධ 9%ක් බව වාර්තා වී තිබේ.

පසුගිය 2016 වසරේදී ළමා අපයෝජන සිද්ධීන් විමර්ශනය 61%ක් වූ අතර 2017 වසර වනවිට එය 65%ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
පසුගිය වසරේදී ළමුන්ට සිදුවන බරපතළ තුවාල කිරීම් 54%ක වැඩිවීමක්, ළමා අපයෝජන සිද්ධීන් 723ක් වාර්තාවෙමින් පෙර වසරට සාපේක්ෂ්ව 30%ක ඉහළයාමක් වාර්තා වී තිබේ.
පොලිස් වාර්තාවලට අනුව ළමුන්ට එරෙහි මිනීමැරුම් 19ක් පසුගිය වසරේදී වාර්තා වී ඇත.
එය පෙර වසර 2කට සාපේක්ෂව බැලීමේදී සාපේක්ෂව 14%ක අඩුවීමක් පෙන්නුම් කර තිබේ.
2016 වසරේදී මිනීමැරුම් අපරාධ 27ක් හා 2017 වසරේදී ළමුන්ට එරෙහි මිනීමැරුම් 22 ක් සිදුවූයේ 18%ක අඩුවීමක් පෙන්නුම් කරමිනි.
ළමුන්ට ඒරෙහිව සිදුවන අපරාධ බල අපරාධ කොටස් 15ක් යටතේ වර්ගීකරණය කර තිබේ. එම වර්ගීකරණ 15 යටතේ පසුගිය වසර 3 තුළ පොලිසියට වාර්තා වූ විමර්ශනය කෙරෙන සහ විසදූ සිද්ධීන්වල පූර්ණ විස්තරය පහත වගුවේ දක්වා තිබේ.

මේ අතර පසුගිය වසරේදී ළමුන්ට එරෙහි දූෂණ ස්ත්‍රී දූෂණ අපරාධ 1518ක් වාර්තා වී තිබේ.
ඉන් වයස 16ට අඩු ළමයාගේ කැමැත්ත ඇතිව සිදුවූ දූෂණ සිද්ධීන් ගණන 1199කි.
එම වයසේ ළමයාගේ කැමැත්ත නොමැතිව වූ සිද්ධීන් 248ක් ද අවුරුදු 16-18ත් අතර ස්ත්‍රී දූෂණ 71ක් වාර්තා වී තිබේ.
මේ අනුව පසුගිය වසරේදී ළමුන්ට එරෙහි මුළු ස්ත්‍රී දූෂණ 79%ක් ළමයාගේ කැමැත්ත මත බොහෝ විට ප්‍රේම සබදතා මත සිදුවූ අපරාධ බව පොලිස් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
2016 වසරේදී වාර්තා වූ ළමයින්ට එරෙහි ස්ත්‍රී දූෂණ අපරාධ ප්‍රමාණය 1686ක් වූ අතර 2017 වසරේදී ඒම ප්‍රමාණය 1438ක් දක්වා 15%කින් අඩුවී තිබේ.
2017 වසරට සාපේක්ෂව පසුගිය වසර වනවිට 5%කින් වැඩි වී ඇත.
මීට අදාළ විමර්ශන විසදීමේ ප්‍රතිශතය ගත්විට ළමුන්ට එරෙහි ස්ත්‍රී දූෂණ අපරාධ විසදීම් ප්‍රතිශතය 216 වසරේ සිට පිළිවෙළින් 58%ක් 69%ක් හා 51%ක් දක්වා පහත බැස ඇත.
ළමුන්ට එරෙහි අපහරණ හා පැහැරගෙන යාමේ සිද්ධීන් විමර්ශනය ද පෙර වසරට සාපේක්ෂව පසුගිය වසරේදී 52%කින් අඩුවී ඇත.
ළමුන්ට කෲර ලෙස සැළකීමේ විමර්ශනවල පසුගිය වසරේදී 41%ක් දක්වා පහත වැටී තිබේ.
මූලාශ්‍රය – පොලිස් දෙපාර්තමේන්තුව