තරුණයන් පැහැරගෙන ගිය පොලිස් පරික්ෂක අත්අඩංගුවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා දැඩි කතබහට ලක්වූ ගාල්ල රත්ගම තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන්, ඊයේ අත්අඩංගුවට පත් දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ රාජකාරී කළ පොලිස් පරීක්ෂකවරයා එළැඹෙන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා ඊයේ (18දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මේ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට සිටින බව වාර්තා වෙනවා ඒ අතර ඉහළම නිළයක් දරන නිළධාරියෙකුත් සිටින බව සදහන් වේ.

උමංග බණ්ඩාර