හැර ගිය විදෙස් ආයෝජකයන් නැවත ශ්‍රී ලංකාවට නැඹුරු වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රීලංකා රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් සිය ආයෝජන ඉවත් කරගනිමින් සිටි විදෙස් ආයෝජකයින් මේ වනවිට නැවත මෙරට ආයෝජන කෙරෙහි නැඹුරු වෙමින් සිටින බව මහා බැංකු වාර්තා අනාවරණය කර සිටී. ඒ අනුව 2019 පෙබරවාරි 13 දින වන විට රජයේ සුරැකුම්පත්වල විදෙස් හිමිකාරීත්වය රුපියල් මිලියන 165,930 ක් ලෙසින් සටහන් වන අතර සතියක් තුළ දී මෙම වටිනාකමක රු. මිලියන 3,300 කින් ඉහළ ගොස් තිබේ. 2019 පෙබරවාරි 06 දින රජයේ සුරැකුම්පත්වල විදෙස් ආයෝජන ප්‍රමාණය සටහන් වූයේ රු. මිලියන 162,630 ක් වශයෙනි.

මේ අතර 2019 ජනවාරි 16 වන විට රජයේ සුරැකුම්පත්වල විදෙස් ආයෝජන ප්‍රමාණය රු. මිලියන 145,450 ක් වශයෙන් සටහන් විය. මේ අනුව මාසයක කාලපරිච්ඡේදයක් තුළ දී විදෙස් ආයෝජකයින් විසින් මෙරට සුරැකුම්පත් වෙළෙඳපොළ තුළ කරන ලද ආයෝජන වටිනාකම රුපියල් මිලියන 20,480 කින් ශුද්ධ වශයෙන් වැඩි වී ඇත.

2018 වසර ආරම්භයේ සිට දෙසැම්බර් 26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෙරට රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන තිබෙන ශුද්ධ විදේශීය ආයෝජන වටිනාකම රු. මිලියන 159.8 කි

පැතුම් වික්‍රමරත්න