දියමන්තිය ඔප දැමීමට හවුල් යුවල අතුරුදන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාකදුරේ මධුෂ් ගේ සැලසුමකට අනුව පසුගියදා ඇරැව්වල නිවසකින් පැහැරගත් රුපියල් කෝටි 700 දියමන්තිය ඔප දැමු බව කියන මොරටුවේ නිවසක් පරික්ෂාවට ලක්කළ විශේෂ පොලිස් කණ්ඩායමක් එම නිවසේ තිබි හමුදා ඇදුම්, විවිධ වර්ගයේ පතොරම් හා අත්බෝම්බ කිහිපයක් සොයාගෙන ඇත.

අදාල නිවෙස සෝදිසිය සදහා ඊයේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම නිවසට කඩා වදින විටත් එහි පදිංචිව සිටි යුවල නිවස අතහැර පලාගොස් තිබේ.

මේ හේතුවෙන් විශේෂ පොලිස් කණ්ඩායම දොරගුළු කඩා නිවසට ඇතුල්වූ අතර එහිදී කළ පරික්ෂා කිරීමේදී යුධ හමුදාව ඇදුම්, විවිධ වර්ගයේ පතුරම් හා අත්බෝම්බ කීපය සොයා ගෙන ඇත.

මෙම නිවස ගැන තොරතුරු හෙලිවන්නේ එම දියමන්ති ඔප දැමීමට මෙම යුවල මුණ ගැස්සවීමට කටයුතු කළ දෙදෙනාගෙන් පොලිසීය දීර්ඝ ලෙස ප්රුශ්න කිරිමේදීය. අත්අඩංගුවටපත් සැකකරුවන් දෙදෙනා කඩුවෙල ප්රපදේශයේ පදිංචිකරුන්ය. මේ වන විට ඔවුන් විශේෂ පොලිස් කණ්ඩායම් භාරයේ ප්රකශ්න කරමින් සිටියි.