5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න ජනපති කැමතියි

Picture of අසංක

අසංක

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ තීරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එකඟතාව පළකර ඇත.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති “ දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

පහ වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප්‍රධාන කඩඉමක් නොවන බැවින් එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබද සියළු දෙනාගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර ඇත..

දරුවන් මුහුණ දී සිටින ගැටළු පිළිබද විශේෂ සමාජ සමීක්ෂණ වාර්තා ලබා ගනිමින් ඒ සමඟ දරුවන් වෙනුවෙන් රජය ක්‍රියාවට නංවා ඇති වැඩපිලිවෙල තවදුරටත් ශක්තිමත් හා වේගවත් කිරීම මෙහි අපේක්ෂාව බව ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර ඇත.

පැතුම් වික්‍රමරත්න