රුසියානු සෙබළුන්ට ස්මාර්ට්ෆෝන් තහනමක්

Picture of අසංක

අසංක

රුසියාවේ ආරක්ෂක හමුදා සෙබළුන්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම් කර තිබේ.

ඒ රාජකාරියේ සිටින අතරතුර සමාජජාල භාවිතය හේතුවෙන් ඇතිවූ ජාතික ආරක්ෂාවට වන තර්ජනය හේතුකොටගෙන ය.

මේ පිළිබ`ද නව පනතක් රුසියානු පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබේ.

නව පනතට අනුව ක්‍රියාන්විතයේ යෙදී සිටින රුසියානු සෙබලුන් විසින් ස්මාර්ට්ෆෝන් භාවිත කර ඡායාරූප ගැනීමල වීඩියෝ පටිගත කිරීම සහ අන්තර්ජාලයට පිවිසීම මුළුමනින්ම තහනම් වේ.

හමුදා සෙබළුන්ට රුසියානු හමුදාව ගැන කිසිවක් පළකිරීම හෝ මාධ්‍යවේදීන්ට අදහස් දැක්වීම ද මේ යටතේ තහනම් ය.

450 දෙනෙකුගෙන් සමන්විත රුසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 400 කට වැඩි පිරිසක් අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡුන්දය දුන්නේ ය.

නව පනත සම්මතවීමත් සමග දුරකතන ඇමතුම් ගැනීමට සහ කෙටි පණිවුඩ යැවීමට පමණක් හැකි ජංගම දුරකතන භාවිත කිරීමට සෙබළුන්ට අවස්ථාව හිමිවේ.

කෙසේවෙතත් ටැබ්ලට් හෝ ලැප්ටොප් පරිගණක භාවිතය ද සෙබළුන්ට තහනම් වේ.