රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පිළිස්සුණු මළ සිරුරු හමුවෙයි

Picture of අසංක

අසංක

රත්ගම දී පැහැරගෙන ගොස් පොලීසිය විසින් ඝාතනය කරන ලද බව කියන ව්‍යාපාරිකයන් දෙදෙනාගේ මළ සිරුරුවල පුළුස්සා තිබූ සුන්බුන් කොටස් එහි ගිය පොලිස් කණ්ඩායම වෙත හමුවී තිබේ.

ඒ වලස්මුල්ල මැදගංගොඩ හරහා පිස්සුබැද්ද මාර්ගයේ පල්ලෙකන්ද කැලෑබද ප‍්‍රදේශයේ තිබියදීයි.

ගුරු බවට පත්ව ඇති මළසිරුරු පිළිබද පරීක්ෂණ පැවත්වීම සදහා රස පරීක්ෂකවරයා ගෙන්වීමට ද කටයුතු කර ඇත.

දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සමන් රෝහණ ඊයේ රාත‍්‍රි වනතුරුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි අතර මේ සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරමින් පවතී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් 4 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේ.

දම්පත් රණසිංහ