පාදෙණියට එරෙහි පැමිණිල්ල විභාගයට

Picture of අසංක

අසංක

සයිටම් නඩුතීන්දුව විවේචනය කරමින් අධිකරණයට අපහාස කරන ලදැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ලබන මැයි 10 වැනිදා විභාග කිරීමට අභියාචනාධිකරණය අද තීරන්‍ය කළේය.

අදාළ පැමිණිල්ල අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ සළකා බැලිණි.

සිවිල් සංවිධාන කි‍්‍රයාකාරිකයන් දෙදෙනකු වන මහාචාර්ය සරත් විජේසූරිය මහා සහ ගාමිණි වියන්ගොඩ මහතා විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

ඉෂාර රත්නකාර