ප‍්‍රභූ ඝාතන සිද්ධියේ පොලිස්පතිගේ හඬ වාර්තාව උසාවියට

Picture of අසංක

අසංක

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කරන ලදැයි කියන සිද්ධියට අදාළ විමර්ශනය යටතේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගෙන් ලබාගත් කටහඩ සාම්පල වාර්තාව රජයේ රස පරීක්ෂකවරයා විසින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

අදාළ ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණ සම්බන්ධනේ දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ නමැති අය කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලීසිය සිදුකරන විමර්ශනයට අදාළව පොලිස්පතිවරයාගෙන් කටහඩ සාම්පලයක් ලබාගෙන තිබුණි.

නාමල් කුමාර විසින් සිදුකරන ලද දුරකතන සංවාදවල පොලිස්පතිවරයාගේ හඩපට ද තිබේද නැද්ද යන්න පිළිබද තහවුරු කරගැනීම සදහා රහස් පොලීසිය විසින් අදාළ හඩපට රජයේ රස පරීක්ෂක වෙත භාරදී තිබුණි.

එම හඩපට පිළිබද රජයේ රස පරීක්ෂකවරයා සිදුකළ විමර්ශනයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

ඉෂාර රත්නකාර