අද රෑ මහින්ද-මෛත්‍රි කතා කරන්නෙ මොනවාද?

Picture of අසංක

අසංක

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්වරු අතර අද (22) රාත්‍රියේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාව සන්ධානගතවීම සම්බන්ධව සහ 2019 වසරේ මැතිවරණ සිතියම ගැන අවධානයට ලක්වන සාකච්ඡාවක් බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

පොහොට්ටුව සහ ශ්‍රිලනිප ලෙස පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී තීරණවලට එළැඹීමට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රිලනිප ඉදිරිපත් කරන අදහස් මොනවාදැයි බැලිය යුතු බව www.thecolomboexpress.com වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පැවැසීය.

මහින්ද රාජපක්ෂ සහ මෛත්රි්පාල සිරිසේන ජනාධිපතිවරුන්ට අමතරව මෙම සාකච්ඡාව සදහා පක්ෂ දෙක නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක්ද එක්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අදාල සකාච්ඡාව වට කිහිපයක් දක්වා දිගුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

රමේෂ් වරල්ලෙගම