මෙරට පාහියන් ලෙන ආශ‍්‍රිත පුරාවිද්‍යා භූමියේ තිබී හමුවූ වසර 45000කටත් වඩා පැරණි ආදි මානවයන්ගේ ආයුධ බවට සැළකෙන මෙවලම් නිසා ලෝක මානව ඉතිහාසය යළිත් ලියන්නට විද්‍යාඥයන්ට හැකිවනු ඇති බව හෙළිවී තිබේ.
මානව විකාශනය පිළිබද පර්යේෂණයේ නිරත ඔ්ස්ටේ‍්‍රලියානු ග‍්‍රිෆිත් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් හා ශ‍්‍රී ලාංකික පර්යේෂකයන් පිරිසක් එක්ව කළ පර්යේෂණයකදී සොයාගෙන තිබුණේ අස්ථි හා ශෛලමය ආයුධ හා මෙවලම් ය.

වැසි වනාත්තර ආශ‍්‍රිත ජීවත් වූ බවට සැළකෙන ආදි මානවයන් පාහියන් ලෙන ආශ‍්‍රිතව විසූ බවට මින් පෙර සාක්ෂි හමුවී තිබුණි. ඔවුන් ආහාර ස
දහා වදුරන් වැනි සතුන් දඩයම් කළ බවත් ඒ ස
දහා මෙම මෙවලම් යොදාගන්නට ඇති බවත් සැළකේ.
වසර 45,000ක් ඉපැරැුණි බව කියන මෙම මෙවලම් තුළින් පිළිඹිබු වන්නේ එවක ජීවත් වූ මානවයන්ගේ විදග්ධතාව බවත් ඔවුන්ගේ සංක‍්‍රමණ පිළිබ`ද නව මානයකට පර්යේෂණ යොමුකළ හැකි බවත් ග‍්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මිෂෙල් ලැන්ග්ලි පවසයි.
මෙතෙක් කලක් සොයාගෙන තිබුණේ දඩයම් කිරීම පවා අපහසු වැසිවනාන්තර ආශ‍්‍රිතව ජීවත් වූ මානවයාගේ ජීවය පසුකාලීනව සිදුවූවක් බව වුවද දැන් එය වෙනස් කරන්නට සිදුවී ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.
ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි
මූලාශ‍්‍ර – සයන්ස් ඩේලි ඇසුරින්
