BREAKING NEWS


Share now!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, වෛද්‍යවරුන් ආදි වෘත්තිකයන් මෙන්ම ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී නිසි ගෞරවය ලබාදී නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබේ.

අත්අඩංගුවට ගැනීම යනු දඬුවමෙහි කොටසක් නොවන බැවින් පුද්ගල කීර්ති නාමයට හානි නොවන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.