අභ්‍යන්තර වෙළද,ආහාර සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය චමල් රාජපක්ෂ
කොරෝනා (covid-19) වසංගතය පැතිරයාම සීමා කිරීම උදෙසා නිවසට සීමා වී සිටින ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවශ්‍යතාව සපුරාලීම උදෙසා සතොස හා pickme එක්ව ද්වීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අභ්‍යන්තර වෙළද,ආහාර සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහාත The Colombo Express වෙබ් අඩවියට කළ විමසීමේදී පැවැසීය.
 මෙහි මුලික පියවර මේ වනවිටත් බස්නාහිර පළාත් කේන්ද්‍රකරගෙන ආරම්භ වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඊයේ දිනයේ උදෑසන කාලයේ පමණක් සතොස  – PickMe  එක්ව අහාර මලු 1000 කට අධික සංඛ්‍යාවක් බෙදා හැර තිබු බව පෙන්වා දුන්නේය.
 එම කටයුත්ත ද්වීප ව්‍යාප්ත ලෙස ඉටුකිරීමේ කටයුතු දැනටමත් ආරම්භ වී ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය. PickMe  ආයතනය රට පුරා ක්‍රියාත්මක අදාල ව්‍යාප්තියට සම්බන්ධ වීමට කැමැති පුද්ගලයන් ලියාපදිංචි කිරීම දැනටමත් ආරම්භ කර තිබේ.
 පසුගිය ගෙවී ගිය කාලය තුළ සතොස අලෙවිසැල්වලින් වැඩිපුරම අලෙවි වී ඇත්තේ සැමන් සහ පරිප්පු බවත්, වෙනත් ආහාර ද්‍රව්‍යයද සතොස අලෙවිසැල්වල තිබෙන  බව පාරිභෝගික ජනතාවට මතක් කර දිය යුතු යැයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සදහන් කළේය.
				

