ඇදිරිනීතිය අස්සේ අහංගම නිවසක නිදන් හාරලා – හිමිනමකුත් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

ඇදිරි නීතිය අස්සේ අහංගම නාකන්දන ගම්මානයේ ගෙවත්තක කැණීමක් කරමින් නිධානයක් ගොඩ ගැනීමට උත්සහ ගනිමින් සිටි භික්ෂුවක් සහ පුද්ගලයින් සිව් දෙනෙක් අහංගම පොලීසිය අද 18 සවස අත්අඩංගුවට ගත්තේය.

එම භික්ෂුව කඩුවෙල ගගුල යෝගාශ්‍රමාධිපති මීතිරිගල සෝරත හිමි බව අහංගම පොලීසිය සදහන් කරයි.

කදාන සහ නුගේගොඩ පදිංචි සිය හිතවතුන් දෙදෙනෙක් සමග මාසයකට පෙර අහංගමට පැමිණ කුළි නිවසක රැදී ඇති මෙම භික්ෂුව එහි සිට නිධානය ගොඩ ගැනීමට සැළසුම් කර ඇතැයි අහංගම පොලීසිය සදහන් කරයි.

ඒ සදහා ගෙවත්ත හිමි පුද්ගලයා සහ අහංගම පදිංචි තවත් අයෙත් සහය වී ඇති බවත් ඒ සියළු දෙනාම අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සදහන් කරයි.