‘කොරෝනා පාලනයේ ප්‍රතිඵල අපතේ යවන්න එපා’- හිටපු කථානායක

Picture of අසංක

අසංක

නව කොරෝනා වෛරසය පාලනය කිරීම උදෙසා ශ්‍රී ලංකාව වසා දමා තිබූ මොහොතේ සියල්ලන් විසින් කරන ලද කැපවීමෙහි ප්‍රතිඵල අපතේ යාමට ඉඩ නොදෙන ලෙස ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් හිටපු කතානායක කතානායක කරු ජයසූරිය මහතා ඉල්ලා සිටි.

එම වගකීම ජනතාවද සතුවන බව හිටපු කතානායක වරයා සිහිපත් කරයි.

“රට වසා තැබුණු කාලයේදී සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ, ආගමික නායකත්වය, ව්‍යාපාර සහ සමස්ත ජනතාව විසින් සිදු කරන ලද අති මහත් වූ පරිත්‍යාග අගය කරමු. එමෙන්ම, හදිසි හෝ සැඟවුණු අරමුණු සහිත තීරණ හේතුවෙන් එම පරිත්‍යාග ඵල රහිත වී යා නොදී රැක ගැනීමට ජනතාව සහ ප්‍රතිපත්ති සම්පාදකයෝ වග බලා ගත යුතු වේ.” යැයිද කරු ජයසූරිය මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටී.