විදෙස්ගත ලාංකිකයෝ 800ක් ලබන සතියේත් එති

Picture of අසංක

අසංක

 

විදේශයන්හි රැදී සිටින තවත් ශ්‍රී ලාංකිකයන් 825 දෙනෙකු ඉදිරි සතිය ඇතුලත මෙරටට ගෙන්වීමට විදේශ සබඳතා අමාත්‍යාංශය සැලසුම් කර ඇත .

ඒ අනුව හෙට(11) පිලිපීනයේ මැනිලා නුවර සිටද, 13වැනිදා මාලදිවයින මාලේ නුවර සිටද, 15 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවර සිටද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 3 ක් මගින් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට ගෙනඒමට සැලසුම් කර ඇත.

මේ අතර අද දහවල් 12.45 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් එරට සිට ගුවන් මගීන් 9 දෙනෙකු පැමිණ ඇති බවද වාර්තාවේ