ලබන 15 වැනිදා සිට ටියුෂන් අරින්න පුළුවන්

Picture of අසංක

අසංක

පෞද්ගලික උපකාරක පන්ති, ලබන 15 වනදා සිට යළි ආරම්භ කිරීමට රජය අවසර ලබා දී ඇත.

කෙසේ වෙතත් මෙම පන්ති පැවැත්වීමේදී සෞඛ්‍ය අමාත්‍යංශ නිර්දේශයන්ට අනුව කටයුතු කලයුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක දැක්වේ.

ඒ අනුව පන්තියක් සඳහා සහභාගි කරවා ගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 100කට සීමා විය යුතු බවද එහි දැක්වේ .

අදාළ උපකාරක පන්තිය පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය තබා ගනිමින් පන්තිය පැවැත්විය යුතු බවද එහි දැක්වේ .

ඊට අමතරව මෙහිදී කොරෝනා වෛරස පාලනයට අදාලා සෙසු සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේදයන්ද අනුගමනය කල යුතුව ඇත