සත්වෝද්‍යානත් ලබන 15 සිට ඇරේ

Picture of අසංක

අසංක

දිවයිනේ සියලු සත්ත්වෝද්‍යාන, උද්භිත උද්‍යාන, වනෝද්‍යාන හා වන සංරක්ෂණ උද්‍යාන ලබන 15 වැනිදා සිට යළි විවෘත කිරිමට රජය තීරණය කර ඇත.

උද්‍යාන නැවත විවෘත කිරීමත් සමග දෙස් විදෙස් සංචාරකයින්ට සෞඛ්‍යය අංශ ලබා දී ඇති උපදෙස් අනුව ඒවායේ සංචාරය කළ හැකි බව පරිසර හා වනජීවී අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී .

කොරෝනා වසංගතයත් සමග මෙම වනෝද්‍යාන පසුගිය මාර්තු මාසයේ සිට වසා දැමිණ.