කොරෝනා හැදුණත් රෝග ලක්ෂණ නැත්නම් ව්‍යාප්තිය අඩුයි

Picture of අසංක

අසංක

නව කොරෝනා වෛරසය ආසාධනය වුවත් එහි රෝග ලක්ෂණ නොපෙන්වන අයෙකුගෙන් රෝගය තවත් අයෙකුට ව්‍යාප්තවීම ඉතා දුර්ලභ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකල නවතම පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥවරියක වන මාරියා වැන් කෙර්කොව් මහත්මිය අද දින ජිනීවා හිදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කර සිටියාය.

නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ රෝගීන් ගේ සමිපතයින් සම්බන්ධයෙන් බොහෝ රටවල් සිදුකළ පරීක්ෂණ වාර්තා නිරීක්ෂණය කිරීමෙන් මේ බව තහවුරු වූ බවත් ඇය මෙහිදී පැවසීය .

රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීයෙකුගෙන් එය තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමක් පිළිබඳව එම වාර්තා හරහා නිශ්චිතව අනාවරණය නොවුණු බවද ඇය මෙහිදී පැවසුවාය.

ඒ අනුව රෝග ලක්ෂණ නොපෙන්වන අයගෙන් රෝගය ව්‍යාප්‍තවීම දුර්ලභ බවට වන නිගමනයට එළඹීමේ හැකියාවක් ඇති බවද කෙර්කොව් මහත්මිය සඳහන් කලාය.

කෙසේ වූවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ලෙස අප ඒ සම්බන්ධයෙන් ඉදිරියටත් පරීක්ෂණ සිදු කරනවා.” යයිද ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥවරිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය .