පෙරටුගාමින් අත්අංඩංගුවට ගත් ආකාරය ගැන රජයේ කනගාටුව

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා කොල්ලුපිටිය ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධාතාවක් පැවැත්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ

ආධාරකරුවන්ට පහරදීම පිළිබඳව රජය වශයෙන් කනගාටුව ප්‍රකාශ කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. මෙම  පහරදීම කිසිසේත්ම රජයේ නියෝගයක්

නොවන බවත් ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් දැක්වීමක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමට කටයුතු කිරීම පිළිබඳව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බවත් ඔහු පැවැසීය.

මින් ඉදිරියට කොවිඩ් වසංගත සමයේදී මෙවැනි විරෝධතා පවත්වන පිරිස් නිරෝධානයට යොමුකරන බවත් ඔහු පැවැසීය.

එසේම විරෝධතාකරුවන් සමග කටයුතු කළ පොලිස් නිලධාරීන් නිරෝධානයට යොමුකරන බවත් ඔහු පැවැසීය.

මේ අනුව කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 30ක් නිරෝධානයට යොමුකිරීමට නියමිතය.