මහපොළ වාරිකය ණයක් ලබාගෙන ගෙවීමට කැබිනට් අනුමැතිය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ගෙවිය යුතු මහපොළ වාරිකය ණයක් ලබාගෙන හෝ ගෙවීමට

කැබිනට් අනුමැතිය ලබාදුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

කොරෝනා වෛරසය හේතුවෙන් රජය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා

මහපොළ ගෙවීමට මාසිකව රුපියල් මිලියන 160ක පමණ මුදලක් වැය වන බවද ඔහු සඳහන් කළේය.

මෙම මුදලින් සියයට 51ක මහපොළ අරමුදලින් ලබා ගන්නා අතර ඉතිරි සියයට 49 මහා භාණ්ඩාගාරය විසින් ලබාදෙයි.