පෙරහැරත් සෞඛ්‍ය උපදෙස් මත පැවැත්වීමට නියෝගයක්

Picture of අසංක

අසංක

වාර්ෂික පෙරහර පැවැත්වීමද ඉදිරියේදී කොවිඩ් මර්ධනය සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුකල යුතු බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර ඇත.

ඒ අනුව කවර හෝ සිද්ධස්ථානයක පවත්වනු ලබන පෙරහැරවල් සඳහා සහභාගීවීමට සහ එය නැරඹීමට මහජනතාවට අවසර නොලැබෙන බවද ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටි.

මහනුවර දළදා මාළිගාව සහ කතරගම, දෙවිනුවර, සබරගමුව ඇතුළු දේවාල මුල්කර ගනිමින් පැවැත්වෙන පෙරහර කොවිඩ් මර්දනයට සහාය වෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුවිය යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව මෙහි දැක්වේ

යාපනයේ නල්ලූර්, ත්‍රිකුණාමලය සහ නැගෙනහිර සෙසු ප්‍රදේශවල සිට පාද යාත්‍රාවෙන් කතරගම පෙරහරට පැමිණෙන පිරිසටද මෙවර ඒ සඳහා අවසර හිමි නොවේ.

සියලු පෙරහර අඩුම කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් සිදු කිරීමේ අවශ්‍යතාව කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අවධාරණය කර ඇත.

විවිධ ප්‍රදේශවලින් පෙරහරට සහභාගීවන කලාකරුවන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් වාර්තාවක් ලබාගත යුතු බවට ද තීරණය කර ඇත