ෆ්ලොයිඩ් විරෝධතා නිසා අමෙරිකාවේ කොරෝනා වැඩිවීමක්!

Picture of අසංක

අසංක

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයත් සමඟ ඇමරිකාව පුරා පැතිරී ගිය විරෝධතා හේතුවෙන් කොරෝනා වෛරසය ව්‍යාප්තියේ ක්ෂණික වැඩිවීමක් ඉදිරි දිනවලදී දැකගත හැකි වනු ඇති බව හාර්වඩ් ගෝලීය සෞඛ්‍ය ආයතනය අනතුරු අඟවා සිටී.

ඒ අනුව එළඹෙන සැප්තැම්බරය වන විට ඇමරිකාව තුළ තවත් 100,000ක් පමණ මෙම වෛරසය ආසාදනය වීම නිසා මිය යනු ඇති බවද හාර්වඩ් ගෝලීය සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අශිෂ් ජා මහතාද මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

මේ අතර ඇමරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත්තේ මෙම මස අවසන් වනවිට එරට කොරෝනා මරණ මරණ 118,000 ත් 143,000 ත් අතර ගණනක් වනු ඇති බවය
කොරෝනා වෛරසය අසාදනය වීම නිසා ඇමෙරිකාව පුරා 112,000 කට වැඩි පිරිසක් මියගොස් සිටින අතර තවදුරටත් වෛරසය ව්‍යාප්ත වීම පාලනය කරගැනීමට ඇමරිකාවට නොහැකි වී තිබේ.