ප්‍රතිශක්ති ඌනතා-අසනීප දරුවන්ට පාසලට පැමිණීමේ දින ප්‍රමාද කෙරේ

Picture of අසංක

අසංක

 

ප්‍රතිශක්ති ඌණතා ඇති සහ ප්‍රතිශක්ති ඌණතා සඳහා ඖෂධ ලබා ගන්නා සිසුන් පාසලට ගෙන්වා ගැනීම ප්‍රමාද කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම උණ කැස්ස නාසයෙන් සොටු දියර ගැලීම හා උගුරේ ආසාදන ඇති දරුවන් පාසලට එවීමෙන් වැළකිය යුතු බවට මව්පියන් දැනුවත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

ඉකුත් දින 14 දී නව කොරෝනා ආසාදනයපිළිබඳ සැක සහිත හෝ තහවුරු කළ පුද්ගලයකු සමග සම්බන්ධතා පැවැත්වූ පවුලක දරුවෙකු නම් හෝ කොරෝනා ආසාදනයට ඇති අවදානම හේතුවෙන් නිරෝධායනයට ලක්කර ඇති පවුලක දරුවෙකු නම් පාසලට එවීමෙන් වළකින ලෙසත් උපදෙස් දෙන මෙන් ද විදුහල්පතිවරුන්ට දන්වා තිබේ.

මුඛ ආවරණ පළඳවා පාසලට එවීම නිසි ලෙස මුඛ ආවරණ පැළඳවීම, නැවත භාවිතා කරන මුඛ ආවරණ නම් ඒවා පිරිසිදු කර දීම හා සමාජයේ පවතින තත්ත්වය පිළිබඳව දරුවන් දැනුවත් කිරීම ද ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීම ද පිළිබඳව මව්පිය අවධානය යොමු කරන ලෙස අමාත්‍යංශය උපදෙස් දී ඇත.