නීතිවිරෝධී මුල්‍ය හා ලීසිං ආයතන හඳුනාගන්න පොලීසියත් එයි

Picture of අසංක

අසංක

 

නීති විරෝධී මූල්‍ය හා ලීසිං ආයතන හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දීපව්‍යාප්ත මෙහෙයුම් ආරම්භ කර ඇත.

මෙම මෙහෙයුම පොලිස් දෙපාර්තමේන්තුවේ ද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන බව මහබැංකුව සඳහන් කර ඇත.

මෙම මෙහෙයුම්වලදී දැනටමත් කුරුණෑගල ප්‍රදේශයෙන් එවැනි නීති විරෝධී මූල්‍ය ආයතනයක් හඳුනා ගත් බව ද මහ බැංකුව සඳහන් කර සිටී.

මීට සමගාමීව නීති විරෝධී මූලය හා ලීසිං ආයතන සමග ගනුදෙනු කිරීමේදී ඇතිවන අහිතකර ප්‍රතිඵල පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළේය.

එම තොරතුරු මහ බැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ දුරකතන අංක 011 2477 500 යන දුරකතන අංකයට දැනුම් දිය හැක