සයින්දමරුදු පිපිරීමේ සාක්ෂි හැංගූ අම්පාර CI අත්අඩංගුවට

Picture of අසංක

අසංක

අම්පාර ප්‍රදේශයේ රාජකාරියේ නියුතු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අද උදෑසන 8.30 ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පාස්කු ප්‍රහාරයෙන් පසුව සහරාන් හෂීම්ගේ කල්ලිය සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි සැඟවු බවට සැකපිට ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ සැකකාර පොලිස් පරීක්ෂකවරයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශය කටයුතු කරයි.

2019 අප්‍රේල් 26 වැනිදා මෙම මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා ගැනිණ.