“පෝසත් බබාලා වේලාසනින්ම ආදායම් බදු ගෙවීමට පුරුදු විය යුතු බව” මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ළමා ගිණුම්වල මාසික පොලිය රුපියල් 5000ක් හෝ ඊට වැඩියෙන් ලැබේ නම් එවැනි ගිණුමකින් 5%ක පොලියක් අයකිරීමේ අයවැය යෝජනාව පිළිබද අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ය.
“තමන්ගේ දරුවාගේ ගිණුමට පොළිය හැටියට රු. 5,000 ක් හෝ 5,000ට වැඩියෙන් ලැබෙනවා නම් තමයි මේ පොළිය අයකරන්නේ. “නමුත් රු. 5,000ක මාසික පොළියක් ලැබෙන්න නම්, ඒ පුංචි බාබාට අවම වශයෙන් රු. ලක්ෂ 12 ක් තියෙන්න ඕනේ බැංකු පොතේ. මම හිතන්නේ ලක්ෂ 12 ක් බැංකු පොතේ තියෙනවා නම් ඒකෙන් 5% ක් ගන්න එක වරදක් නැහැ. මොකද පෝසත් බබාලා වේලාසනින්ම පුරුදු වෙන්න ඕනේ ආදායම් බදු ගෙවන්න.“ යැයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළේය.
#Budget2019 – පොහොසත් බබාලට වේලාසනින්ම බදු ගෙවන්න පුරුදු කරන්න ඕනේ. #lka pic.twitter.com/8UKxYLxTS1
— Mangala Samaraweera (@MangalaLK) March 14, 2019