අකිලටත් පාර්ලිමේන්තුවේ දොර වැසේ

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට ද මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි වී තිබේ.

මේ බව සනාථ වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වීමත් සමගයි.

අකිල විරාජ් කාරියවසම් මහතා අපේක්ෂකත්වය ලැබූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන 11ක් දිනාගනිමින් ඡන්ද 649965ක් ලබාගෙන තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද එම දිස්ත්‍රික්කයෙන් අපේක්ෂයකු ලෙසඉදිරිපත්ව තිබුණි.

සමගි ජනබලවේගය ඡන්ද 244860ක් ද එක්සත් ජාතික පක්ෂය 26670ක් ද ඡන්ද ලබාගෙන ඇත.