පරාජය හමුවේ අලින් කිහිපදෙනකු එජාපය අත්හැරීමේ සූදානමක්!

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප කිහිප දෙනෙකු තම ධුරවලින් ඉල්ලා අස් වීමට සූදානම් වන බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙවර මැතිවරණයේදී එජාපයට අත්වී ඇති දරුණු පරාජය හේතුවෙන් මෙම තත්වය මතුව ඇත.

පක්‍ෂ ප‍්‍රබලයන් අතර මේ පිළිබඳව විශේෂ සාකච්චාවක් අද රාත්‍රියේ පැවත්වී ඇත.

මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයක් අත් කර ගෙන ඇති අතර ඔවුන් කිසිදු ආසනයක බලය තහවුරු කරගෙන නැත.
එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට පසුවන්නේ දෙමල සන්ධානයට, ජනතා විමුක්ති පෙරමුණටත් පසුපසිනි.