දැවැන්ත ජයක් අත්කරගත් පොහොට්ටුවෙන් ජාතික ආණ්ඩුවක්!

Picture of අසංක

අසංක

මහමැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් කුඩා පක්ෂ 4ක් සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ ඇති හැකියාව පිලිබඳ සොයාබැලීම සඳහා සාකච්ජා ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තාවේ.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (EPDP) මන්ත්‍රී ධුර දෙකත්, පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂයේ (TMVP) මන්ත්‍රී ධුරයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) යාපනය දිස්ත්‍රික්කයෙන් දිනාගත් මන්ත්‍රී ධුරයත් අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය (NC) ලබාගත් මන්ත්‍රී ධුරයත් අතුරලියේ රතන හිමි නායකත්වය දරණ අපේ ජන බල පක්ෂය ලබාගත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 151ක් සහිත තුනෙන් දෙකක බලයෙන් යුත් ශක්තිමත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව පවතී.